2015 ජූලි 2 සිට 15 අතර කාලය තුල විසැබිලිටි සිය හැකියාවන් දෘශ්‍යමාන කිරීම ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේදී මුදාහරින ලදී. මෙහිදී ආබාධ සහිත කාන්තාවන් හට සිය දෛනික ජීවිතය පහසු කර ගැනීමට පුහුණු කරවන තලාවේ පිහිටි “ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය” අපගේ නවාතැන විය. එනිසා අපගේ වැඩමුළුවේ අනාගත සාමාජිකයන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළුව ආබාධ සහිත සහ රහිත දේශීය ජනතාව ඒකරාශි කර ගැනීමට අපට අවස්ථාව උදා විය.
අප තලාවේ සිටින කාලය අතරතුර පහත සඳහන් අරමුණු අප සතු විය. එයින් ප්රමුඛ වූයේ, දේශීය තත්වයන් ගවේෂණය කිරීම, ආබාධ සහිත පුද්ගලයන්ගේ අභියෝග සහ අවස්ථාවන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීම සහ ඒ පිළිබඳ වාර්තාවක් සැපයීමයි. දෙවනුව, ශ්‍රී ලංකාවේ රජය සහ රාජ්‍ය සේවකයින් මගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව සැලසීම පිළිබඳ අපගේ වැඩපිළිවෙළ ගෙනහැර දැක්වීම සඳහා ප්‍රාදේශීය සහ දේශීය රාජ්‍ය නියෝජිතයින් මුණගැසීමයි. තෙවනුව, මිශ්රක්ෂමතා නර්තන සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අපගේ වැඩමුළු ක්‍රියාත්මක කිරීමයි.
“ආබාධයන් අමතක කරන්න”
වැඩමුළු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සහ පසුවත්, හෙලේනා උල්රිකේ මාරම්බියෝ සහ නිර්මා කරුණාරත්න (පරිවර්තක සහ නීති උපදේශක ) ආකාසා ආයතනයේ දී සහ නිවෙස් වලට ගොස් වැඩමුළුවට සහභාගි වූ සමාජිකයන් සහ ඔවුන්ගේ නෑදෑයන් සහ හිතවතුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලදී. සමස්ථයක් වශයෙන් බහුතරයක් ආබාධ සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ දෙමාපියන් පාසැල් තුළින් සහ ගම තුළින් ප්‍රතික්ෂේප වීමේ අත්දැකීම් වලට මුහුණ දෙන බව එම සම්මුඛ පරීක්ෂණ වල ප්‍රතිඵල හුවාදැක්වීය. එමෙන්ම, අනාගතයේ නිදහස් ජීවිතයක් කෙරෙහි ඇති දුර්වල ආත්ම ශක්තියත්, නැවතත් අනුවන යෙකු ලෙස වර්ගීකරණය වෙතැයි ඔවුන් තුළ ඇති බියත් හේතුවෙන් නාඳුනන පුද්ගලයන් කෙරෙහි දක්වන අවිශ්වාසය ඇතැම් ආබාධ සහිත දරුවන් තුළින් පෙන්නුම් කරන ලදී .
කෙසේ වෙතත් සම්මුඛ පරීක්ෂණ තුළින් සිත්ගන්නාසුළු සහයෝගය දැක්වීම් පිලිබඳ උදාහරණ ද ඉදිරිපත් වුණි. හශාන් රෝද පුටුවක සිටින තරුණයෙකි, බාල වියේදී ඔහුගේ යහළුවන් ඔහු පාසල දක්වා කැටුව යන ලදී. පසුව, ඔහු වෙනුවෙන් ප්‍රවේශ මාර්ගයක් ඉදිකරන තැනට පාසලේ පරිපාලනය තල්ලුකර දමන තුරුම ඔහුගේ මව ඔහුව පන්ති කාමරය තෙක් ඔසවාගෙන යන ලදී. තවත් උදාහරණයක් නම්, සත් හැවිරිදි ශිෂ්‍යාවක වූ දෙවුමිණී අධ්‍යාපනය කෙරෙහි පොළඹවමින් ඇගේ විශේෂ අවශ්‍යතා පන්තියට අමතරව ඔහුගේ සාමාන්‍ය දරුවන් උදෙසා ඇති පන්තියටත් සහභාගි වන ලෙස ගුරුවරයකු විසින් ඇයව දිරිගැන්වීම ගතහැක.
සමස්තයක් ලෙස ගත්විට, සිය ආබාධ සහිත දරුවන්ට සහාය දීමට දෙමාපියන් දැඩි කැමැත්තක් සහ වෙහෙසක් යොදවයි. නිදසුනක් ලෙස, පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන්ගෙන් ලැබෙන සෘණ ආකල්ප නොතකාලීම සඳහන් කල හැක. අවාසනාවකට මෙන් එවැනි ප්‍රතික්‍රියා ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ ඉතා පොදුවේ දක්නට ලැබේ. එවන් ප්‍රතික්ෂේප කිරීම් ආගමික අන්ධ විශ්වාස මත ද පදනම් වේ, පෙර ආත්මයන් හී දී කරන ලද වැරදි වලට දඬුවමක් ලෙස ඔවුන් ආබාධ සහිත වූ බව එහිදී උපකල්පනය කරනු ලැබේ. ආබාධිත භාවයට හේතුව පිළිබඳ මනා අවබෝධයක් නොමැති දෙමාපියන්ටත්, පන්තියේ ළමයින්ටත්, නුපුහුණු ගුරුවරුන්ටත්, පාසල තුල දී මුහුණදීමට සිදුවන ආබාධ සහිත ශිෂ්‍යයන් හට මෙය ඉමහත් ගැටලුවකි. සේව්‍යයන් ද, ආබාධ සහිත රැකියාවක් කිරීමට සුදුසු වයසේ වැඩිහිටියන්ගේ සැබෑ ධාරිතාව හා ඉගෙන ගැනීමට ඇති කැමැත්ත නොදකී. එහෙයින් ඔවුන් සේවයට බඳවා ගැනීමට ද කැමැත්තක් නොදක්වයි. කෙසේ වෙතත්, අප සම්මුඛ පරීක්ෂණයට ලක්කරගත් ඇතැම් දෙමාපියන් තම දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා මෙවන් දෘෂ්ටිකෝණයන් වෙනස් කිරීමට සමත්වී තිබුණි. “අහල පහළ අය කිවුවා හශාන්ව ඉස්කොලේ යවන එක බොරු වැඩක් කියලා” හශාන් ගේ මව කියා සිටියාය. එහෙත් ඇය ස්ථීර අධ්‍යාපනයක ඇති වැදගත්කම ද මැනවින් දැන සිටියාය. කාලයත් සමග ඔහුගේ මාවත සකසා ගැනීමට ඔහු තුළ හැකියාවත් අවශ්‍ය කරන දක්ෂතාවයත් ඇති බව හශාන් අසල්වාසීන් හට ඔප්පු කරන ලදී. මෙවන් අරගලයන් හැරුනුකොට, ආබාධ සහිත පුද්ගලයන් සතුව උසස් ආත්මයන් ඇත. ඔබට ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් හට යම්කිසි අවවාදයක් දීමට ඇති දැයි අප හශාන් ගෙන් ඇසූ කල ඔහු ක්ෂණිකවම මෙසේ කියා සිටියහ “ආබාධයන් අමතක කරන්න, අනාගතය ගැන පමණක් ක් අවධානය යොමුකරන්න”. ඔහුට සහ අනතුරකින් පාදයක් ආබාධයට ලක්වූ 37 හැවිරිදි පුද්ගලයකු වන ජනකට අනුව, ආබාධ සහිත පුද්ගලයන් සිය ශක්තිය සහ සැබෑ හැකියාවන් පිළිබඳ වැඩිදුර අවධානයකින් යුතු විය යුතු අතර ජීවිතයේ අලුත් දෑ අත්හදා බැලීමෙන් සහ තමුන් වෙනුවෙන් හඬක් නැගීමෙන් තම සීමාවන් බිඳ හෙළිය යුතුය. (ඔවුන් විසින් සහ ඔවුන්ගේ අවකාශය විසින් ඒබව තහවුරු කර ඇත ) මෙය බාධකයන් අවස්ථාවන් බවට පත්කිරීමේ සහ සමාජයේ ආකල්ප වෙනස් කිරීමේ බොහොමයක් මාර්ග අතරින් තවත් එක් මාර්ගයක් පමණි.
රජයෙන් ලැබෙන සහය මදි
ධනාත්මක ලඟාකරගැනීම් කොතරම් තිබුණද, රජයෙන් ආබාධ සහිත පුද්ගලයන් හට සපයන ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සහ අනෙකුත් පහසුකම් පිළිබඳ ඕනෑම ආකාරයක තොරතුරු ලබාගැනීමට ඇති අපහසුතාවය පිලිබඳ ආබාධ සහිත පුද්ගලයන්ගේ පවුල් පැමිණිලි කරති. (වෘත්තිය පුහුණු ආයතන, විශේෂ අවශ්‍යතා පාසැල් සහ මූල්‍ය ආධාර වැනි තොරතුරු)
සමාජ සේවා ආයතනයෙන් සපයනු ලබන දීමනා (මාසික දීමනා, වෛද්‍ය ආධාර, ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා දෙනු ලබන ආධාර ) සඳහා අයදුම් කිරීම වටා ඇති අපහසුතා පිලිබඳ ද ඔවුන් මෙහිදී සඳහන් කර සිටී. එවන් අවස්ථාවන්ට උදාහරණයක් ලෙස, රුපියල් 3000 මාසික දීමනාව ලබාගැනීම සඳහා අයදුම් කරනලද අයදුම් කරුවන්ගේ අයදුම්පත් බොහෝවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මොනයම් හෝ නීතිමය පදනමක් ඉදිරිපත් නොකර වාචික සඳහන් කිරීමක් මගින් ප්‍රතික්ෂේප කිරීම වැනි අවස්ථා අපගේ පරීක්ෂණ තුළින් පෙනීයන ලදී. තවද, මාසික දීමනාව සඳහා අනුමැතිය ලබා ගැනීමට අවුරුදු දෙකක පමණ කාලයක් ගතවන අතර මෙම කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඒ පිළිබඳ සොයාබැලීමට දෙමාපියන් හට අධික මුදලක් වැය කිරීමටද සිදුවේ. බොහෝවිට ඒ පිළිබඳ පැහැදිලි පිළිතුරක් ඔවුන් හට ලැබෙන්නේ ද නැත. ඇතම් විට අයදුම්පත ප්‍රතික්ෂේප වී ඇති බව නිලධාරීන් දැන සිටියද, ආබාධ සහිත පුද්ගලයන් හෝ දෙමාපියන් වෙත ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් නොකිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක් බව පෙනීයයි. අයදුම්කරුවන් එක්තරා ආකාරයක අගාධයකට ඇද දමා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ආධාර අයදුම් කිරීමේ අදහස අතහැර දමති.
බලධාරීන් හමුවීම
ඉහත සඳහන් ගැටලු පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ අප තුළ ඇති සැලකිලිමත් භාවය පෙන්වීමටත්, ඔවුන් වෙනුවෙන් ආරක්ෂාව සහ සහය ඉල්ලා සිටීමටත් විවිධ තරාතිරමේ බලධාරීන් මුණගැසීමට විසැබිලිටි සංගමය අවස්ථාව උදා කර ගන්නා ලදී. අපගේ ප්‍රථම හමුවේදී, පාරිසරික හා පලාත් සභා කටයුතු, පරිවාස හා ළමා කටයුතු, සමාජ සේවා, දේශීය වෛද්‍ය, පලාත් සෞඛ්‍ය ඇමති කේ. එච්. නන්දසේන මැතිතුමා සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඊ. ජී. යූ. රාජපක්ෂ මහතා හමුවී අපගේ නියාමක ව්‍යාපෘතිය වූ හැකියාවන් දෘශ්‍යමාන කිරීම ව්‍යාපෘතිය ඉදිරිපත් කරන ලදී. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ඔවුන් සතුව ඇති තොරතුරු පරිශීලනයටත් මිශ්රක්ෂමතා නර්තන ව්‍යාපෘතිය අවසානයේදී අනුරාධපුර නගරයේ සිදුකිරීමට නියමිත ඉදිරිපත් කිරීම සඳහා පොලිසියේ අවසරයත් අප විසින් ඉල්ලා සිටින ලදී . තවදුරටත් , ශ්‍රී ලාංකිකයකු ලෙස සමාන අවස්ථාවන් සහ පූර්ණ සහභාගිත්වය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කල හැකි සියලුම දේ කරන ලෙසත්, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රධාන දහරාව තුළට ඇතුළත් කරන ලෙසත් අප ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලදී. මෙහිදී අපගේ ව්‍යාපෘතියට හැකිතාක් දුරට සහය දක්වන බවට අතිරේක ලේකම්වරයා සහ අමාත්‍යවරයා පොරොන්දු විය.
දින කිහිපයකට පසු සමාජ සේවා අමාත්‍යාංශයේ ජාතික සංවිධායක ශාන්ත කුමාර මහතා අපට හමුවිය. මෙහිදී, ආධාර අයදුම් කිරීමට ඇති සුදුසුකම් වටා ඇති අධි පරිපාලන බර, ආබාධ සහිත පුද්ගලයන්ගේ මාසික ආධාර අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සහ පිළිතුරක් ලැබීමට පමාවීම වැනි කරුණු පිළිබඳ අපගේ බලවත් අවධානය පෙන්නුම් කර සිටියහ. එයට අමතරව, එහි ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි ලිඛිත නිවේදනයක් ආබාධ සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් වෙත නොලැබීම පිළිබඳවද අප විමසා සිටියහ. පසුව දැනගත් පරිදි, අමාත්‍යවරයා පවා මෙම ගැටලුව හඳුනාගෙන ඇති නමුත් එයට නිසි හේතුවක් සපයාදීමට අසමත්ව ඇත. අයදුම් කරුවන්ට සහ පවුල් වලට ආධාර ලබාගැනීම සඳහා ඇති කොන්දේසි බාධකයක් වී ඇති බව කුමාර මහතා ද පිළිගන්නා ලදී. ඔහුට අනුව තවදුරටත් , යැපුම් භාවය දුරලීම උදෙසා ආධාර සැපයීම වෙනුවට ආබාධ සහිත පුද්ගලයන් බලගැන්වීම කෙරිහි රජය වඩාත් අවධානය යොමුකර ඇත. මෙම තේමාව යටතේ, ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්ථාවර දියුණුව සහ ඔවුන් කෙරෙහි ප්‍රමාණවත් ලඟාවීමක් උදෙසා නිලධාරීන් මාර්ගයෙන් ඔවුන් සම්බන්ධව තනි තනිව අවස්ථා අධ්‍යයනයක් කිරීමේ වැදගත් කම විසැබිලිටි ඉස්මතු කර සිටියහ. කෙටි දින වැඩසටහන් මගින් සියලුම පුද්ගලයන් බලගැන්වීම සරලව සිදුකළ නොහැක, ඇතම් පුද්ගලයන් හට පසූ කාලීනව ස්ථාවර රැකියාවකට පිවිසීම උදෙසා ස්ථීර අධ්‍යාපනයක් ලබාගැනීමට හැකි වන පරිදි මූලික අවශ්‍යතා ලෙස පාසැල් යාමට දෙනු ලබන ප්‍රවාහන පහසුකම් වාරිකය වැනි දෑ අවශ්‍ය වේ. තවදුරටත්, දිස්ත්‍රික්ක සහ පලාත් අතර අන්තර් සබඳතා සහ ශක්තිමත්ව සිදුකෙරෙන සොයාබැලීමෙහී අවශ්‍යතාවය විසැබිලිටි සංගමය පෙන්වා දෙන ලදී. සියලුම පළාත් ගොනුකර ගත්වි මෙම තත්වය තරමක් අභියෝගාත්මක බව කුමාර මහතා හඳුන්වා දෙන ලදී. අවසානයේදී, විදුහල්පති වරයාගේ සහ ගුරුවරයකු ගේ වෙනස් කොට සැලකීමේ පටු ආකල්ප හේතුවෙන් පාසැල හැරයාමට සිදුවූ ආබාධ සහිත සිසුවකුගේ තත්වය පිලිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට ද අපට හැකිවිය. මෙහිදී, අමාත්‍යවරයා ඔහුගේ සැලකිලිමත් භාවය පෙන්නුම් කරමින් ඒ පිළිබඳ තත්ව වාර්තාවක් ඔහු වෙත එවන ලෙස අපවෙත දන්වා සිටින ලදී .
“ඒක තමයි මාව එහාට මෙහාට තල්ලුකරගෙන නොගියපු පලවෙනි නර්තන අත්දැකීම”
ආබාධ සහිත සහ රහිත 21 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සමග 2015 ජූලි 6 වෙනිදා විසැබිලිටි සංගමය දින හතරක මිශ්රක්ෂමතා නර්තන වැඩමුළුව ආරම්භ කරන ලදී. අනුරාධපුර නව බස් නැවතුම්පොලෙහි කාර්යබහුල හවස් වරුවේ පැවැති මහජන ඉදිරිපත්කිරීමකින් එය අවසන් විය. දින කිහිපයකට පෙරාතුව නව බස් නැවතුම්පොලෙහි සහ පොදු වෙළෙඳපොළෙහි විසැබිලිටි සංගමය සහ වැඩමුළුවේ සාමාජිකයන් විසින් වැඩමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදාහරින ලදී .
මෙහිදී, කොන්ටැක්ට් ඉම්ප්රවයිසේශන් (ස්පර්ශ අනුප්රතිපාදනය) නැමැති ක්‍රමවේදය අනුගමනය කරගනිමින් අත්දැකීම්, අවස්ථාවන් සහ ආශ්රිත හැඟීම්, නර්තනය තුලින් ප්‍රකාශ කිරීමට සහ අන්තර් සබඳතා ආරම්භ කිරීමටත් ක්‍රමයෙන් විවෘත වීමටත් ආබාධ සහිත සහ රහිත පුද්ගලයන් ආරම්භ කරන ලදී. අතීතයේ සිදුවූ අප්‍රසන්න අත්දැකීම් හේතුවෙන් ආගන්තුක පුද්ගලයන් ස්පර්ශ කිරීමට ඇතැම් ආබාධ සහිත සහභාගි වූවන් බියක් මෙන්ම සබකෝලයක් පෙන්නුම් කරන ලදී. කෙසේවෙතත් ක්‍රමයෙන් ඔවුන් බිය යටපත් කරගනිමින් ආත්ම ශක්තිය වඩවා ගත්හ. 13 හැවිරිදි ශ්‍රව්‍යාබාධිත දැරියක් වැඩමුළුවේ ප්‍රථම දිනය අවසානයේදී ඇගේ මව පිටුපස සැඟවෙමින් වැඩමුළුවෙන් ඉවත්ව යායුතුයැයි කියා සිටියාය. එහෙත් දෙවන දිනයේදී ඇය අනෙක් සාමාජිකයන් සමග සබඳතා ගොඩනගමින් ප්‍රීතියෙන් කාලය ගතකළාය. එසේම එය අභියෝගාත්මක වූයේ ආබාධ සහිත පුද්ගලයන්ට පමනක් නොව, ගර්දා කූනිග් සහ මහේෂ් උමගිලිය යන රංගවින්‍යාස ශිල්පීන්ට සහය දුන් නර්තන ශිල්පිනියක වූ ප්‍රභා ජයසිංහ කියා සිටියේ “ මම මීට කලින් ආබාධ සහිත අයට නැටුම් උගන්නල නැහැ . මට මුලදි අපහසු වුණා ඔවුන්ව තේරුම්ගන්න සහ ඔවුන්ගේ විශ්වාසය දිනාගන්න ප්‍රවේශයක් හොයාගන්න. හැම දේටම කලින් මට සිදුවුණා මගේම බාධක ජයගන්න”.
ගර්දා සහ මහේෂ් විසින් නර්තනය ඇසුරින්, ආබාධ සහිත සහ රහිත පුද්ගලයන් සමාජ සහ සංස්කෘතික සීමාවන් ජය ගැනීමට මෙහෙයවනු ලැබූහ. සියලු දෙනාටම විශාලතම අභියෝගය වූයේ අනෙකුත් ශරීර කෙරෙහි ඇති පෙර දැක්ම බිඳ දැමීම සහ සියලු දෙනාගේම හැකියාවන් නිරාවරණය වන පරිදි වෙනස් දැක්මක් වර්ධනය කිරීමයි.
තවද, ඔවුන් විසින්, මිශ්රක්ෂමතා නර්තන අංගයක් වර්ධනය කිරීම උදෙසා හැකි ඕනෑම චලනයන් භාවිතා කිරීමට කණ්ඩායමේ සාමාජිකයන් දිරිමත් කරන ලදී. ඇතැම් සහභාගි වූවන් නර්තන ඉදිරිපත්කිරීම් සඳහා පෙර සහභාගිවී තිබුණද, බොහෝවිට එවන් අවස්ථාවන් හීදී අන් අයගේ උපදෙස් මත අකර්මණ්‍යව හිඳීමට සිදුවී ඇත. බහුතරයක් මෙවන් නිර්මාණාත්මක කටයුත්තක යෙදෙන ලද්දේ ප්‍රථම වරටය. රෝද පුටුවක් භාවිතා කරන 28 හැවිරිදි තරුණියක් වන චතූ ඉස්මතු කර සිටියේ “ඒක තමයි මාව එහාට මෙහාට තල්ලුකරගෙන නොගියපු පලවෙනි නර්තන අත්දැකීම”
විසැබිලිටි ඇවිත් අපේ වැඩත් කරා
හෙලේනා සහ නිර්මා විසින් මෙහෙයවන ලද ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වැඩමුළුවේ දී, සහභාගි වූවන්, ආබාධ සහිත පුද්ගලයන්ගේ ආරක්ෂාව උදෙසා ඇති ජත්‍යන්තර මානව අයිතිවාසිකම් සහ ජාතික අයිතිවාසිකම් ඉගෙන ගන්නා ලදී. පරිහාසයන්ට ලක්වූ විට හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ විට ඔවුන් යා යුත්තේ කිනම් ආයතන වෙතද යන්න පිලිබඳ මෙහිදී ඔවුන් වෙත උපදෙස් ලබා දෙන ලදී. මීට අමතරව, දැනට භාවිතයේ පවතින විවිධාකාර ආධාර අයදුම්පත් පිලිබඳ තොරතුරු ඔවුන් වෙත ලබා දුන් අතර, එයට අදාල වැඩිදුර පැහැදිලි කිරීම් ද, අයදුම්පත් කෙරෙහි අදාල වන නිර්ණායකයන් සම්පූර්ණ කරගන්නා ආකාරය සහ දෙවනුව ප්‍රතික්ෂේප වීමකින් තොරව අයදුම් කරන ආකාරය ද පැහැදිලි කෙරෙන ලදී. මෙම උපදෙස් ඔවුන් ඉතාමත් අගයකොට සලකන ලදී . වැඩමුළුවට ප්‍රථම පවත්වන ලද සමීක්ෂණයෙන් හෙලිදරව් වූයේ බහුතරයක් සහභාගි වූවන් තමා සුදුසුකම් ලබා ඇති වරප්රසාදයන් පිලිබඳ නොදැනුවත් බවයි . චරිත නිරූපණ අංගයන් මගින් විවිධ ගැටලු නිරාකරණය කරගන්නා ආකාරය ද සහභාගි වූවන්ට පුහුණු කරන ලදී. අවසානයේ, ඔවුන්ගේ හඬ සහ ඉල්ලීම් ඇසෙන පරිදි ස්වයං ආධාර කණ්ඩායම සහ බලපෑම් කණ්ඩායම් පිහිටුවා ගැනීමට ඔවුන් වෙත අනුබල දෙන ලදී.
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වැඩමුළුව අවසානයේදී මිශ්රක්ෂමතා නර්තන වැඩමුළුවට සහභාගි වූවන් විසින් ආකාසා ආයතනය ඉදිරිපිට මාර්ගයේදී ඔවුන් නිර්මාණය කරන ලද නර්තන අංගය ඉදිරිපත් කරන ලදී. මාර්ගයේ වාහන සියල්ල නතර කිරීමට සිදුවිය. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ වරයා ද ප්‍රෙක්ෂකයින් අතර විය. සහභාගි වූවන් හට සහතික පත් ප්‍රධානය කිරීමට පෙර පැවැති ඔහුගේ කතාවේදී ඔහු කියා සිටියේ විසැබිලිටි පැමිණ බිම් මට්ටමේ ජනතාව වෙනුවෙන් ඉටුකරන ලද සේවය සැබෑ ලෙසම සමාජ සේවා අමාත්‍යාංශයෙන් සිදුවිය යුතු රාජකාරියක් බවයි. පිරිස අතර සිටි ළාබාලතමයා වූ 13 හැවිරිදි කසුනිකා කියා සිටියේ “මේ මගේ ජීවිතේ හමුවුණු පලවෙනි සහතිකය” කියාය.